(සනත් ගමගේ)
අවුරුදු සමයේ සිදු වූ විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 96 දෙනෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා පවසයි.
අප්‍රේල් 10 දා සිට 17 දක්වා මෙම රෝගීන් ඇතුළත් කර තිබේ.
රිය අනතුරුවලට ලක් වූ පුද්ගලයින් 58 දෙනෙකුද, පහරදීම්වලට ලක් වූ පුද්ගලයින් 35 දෙනෙකුද, රතිඤ්ඥා දැල්විමට ගොස් පිළිස්සුණු පුද්ගලයින් 03 දෙනෙකු ඒ අතර වන බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙම රෝගීන්ගෙන් රෝගීන් 9දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd