IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ලේ ඩෙංගු හිස ඔසවයි

(ඩී. ජී. සුගතපාල)
 
ඩෙංගු රෝගීන් 33ක් මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඩෙංගු බවට සැකකරන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවත් කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජීව අමදෝරු මහතා පැවසීය.
 
ගාල්ල නගර බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළයාමත් සමග ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වන ලදී.
 
එම සාකච්ඡාවට ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.විජේසුරිය, ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග, විශේෂඥ වෛද්‍ය පුෂ්පිකා ජයවර්ධන යන මහත්ම මහත්මීහුද, පොලිස් නිලධාරීහුද, යුධ හමුදා නිලධාරිහුද, නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහුද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද සහභාගී වූහ.
 
එහිදී ගන්නා ලද තීරණ අනුව 18,19,20 යන දිනවල ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවන කොට්ඨාසවල සියලුම නිවාස සහ ගොඩනැගිලි පරීක්ෂා කිරීම, කාණු පිරිසිදු කිරීම, වැහි පීලි පරීක්ෂා කිරීම, අත් පත්‍රිකා බෙදීම, ශබ්දවාහිනි යන්ත්‍ර මගින් ජනතාව දැනුම්වත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
 
මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් 25ක් යොදවා ඇති බවත් නගරාධිපතිවරයා පැවසීය.
 
ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් මෙම වසරේ පළමු මාස තුන ඇතුළත ඩෙංගු රෝගීන් 43ක් වාර්තා වී ඇති අතර එයින් 30ක්ම වාර්තා වී ඇත්තේ පෙබරවාරි 25න් පසුව බවත් රෝගීන් බහුලව වාර්තා වී ඇත්තේ කරාපිටියේ අලුතින් ඉදිකරනු ලබන මාතෘ රෝහල අවටින් සහ හිරිඹුර ප්‍රදේශයේ අලුතින් ඉදිකරනු ලබන පුද්ගලික රෝහල් වැඩබිම අවට ප්‍රදේශයෙන්  බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 



අදහස් (0)

ගාල්ලේ ඩෙංගු හිස ඔසවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site