(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කොග්ගල සංචාරක හෝටලයක් ඉදිරිපිටදී අද (20) මෝටර් රථයක් මාතර සිට කොළඹ දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක ගැටීමෙන් වූ අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් 6 දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව හබරාදුව පොලිසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලැබූ 6 හැවිරිදි පිරිමි දරුවෙකුගේ තත්වය බරතල බවද පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනෙක් ළමුන් දෙදෙනෙක් ඇතුළු හය දෙනෙක් ගමන් කරමින් සිට ඇත. මොවුන් අගනුවර පදිංචි කරුවන් පිරිසක් බවද පැවසේ. මෙම අනතුරින් මෝටර් රථයටද දැඩි හානි සිදුවි ඇත.
පොලීසිය පවසන්නේ ගාල්ල දිශාවේ සිට බසයක් පිටුපසින් පැමිණි මෝටර් රථය එක් වරම දකුණට හැරවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරික්ෂණයේදී අනාවරණය වූ බවයි.
අනතුර සිදුකල බස් රථයේ රියැදුරා පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.
හබරාදුව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිිය අනතුරකින් 6 ක් රෝහලේ