(රොමේෂ් මධුෂංඛ)
මුලතිව්හි පැවති උද්ඝෝෂණයකදී නාවික හමුදා සෙබළෙකුට පහරදුන්නේයැයි අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට මුලතිව් වැඩ බලන මහේස්ත්‍රාත් ටී. පරංජෝති මහතා නියෝග කළේය.
මුලතිව්හි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන ෂන්මුගම් තවසීලන් මහතා මෙසේ අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමටත් නඩුව අප්‍රේල් මස 30 වනදා දක්වා කල් තැබීමටත් මුලතිව් වැඩ බලන මහේස්ත්‍රාත් ටී. පරංජෝති මහතා නියෝග කළේය.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබූ බවත්, එහිදී නාඳුනන පුද්ගලයෙකු විසින් ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත් නිසා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් එම පුද්ගලයාගෙන් අනන්‍යතාවය තහවුරු කිරීමට යාමේදී ඔහු පුද්ගලයා පලායාමට උත්සහ කළ බවත් මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදී ෂන්මුගම් තවීසීලන් කියා සිටියේය.
එම පුද්ගලයා පසුපස හඹා ගොස් අල්ලා තොරතුරු විමසීමේදී ඔහු නාවික හමුදා සෙබළෙකු බව තහවුරු වූ බවත්, තමන් ළඟම පිහිටි නාවික හමුදා කඳවුරකට ගොස් පොලිස් නිලධාරීන්ට ඔහුව භාර දුන් බවත් නාවික හමුදා සෙබළා විසින් පහර දුන්නේ යැයි පවසා රෝහල්ගතවීමත් එම සෙබළා පොලිසියට භාරදුන් තමන්ට අවසානයේදී අධිකරණයට යාමට සිදුවූ බවත් ඔහු පැවසීය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ශරීර ඇප මත නිදහස්