චමිල් රූපසිංහ
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී දෙමටගොඩ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ (24) දේහය මහනුවර කැටකුඹුර ලිමගහකොටුව නිවසට ගෙනඑනු ලැබිණි.
පවුලේ දෙවැනියා වූ භාතිය බණ්ඩාර මහතාට වැඩිමල් සහෝදරයකු සහ වයස 22 ක බාල සහෝදරයෙක් ද සිටි.
2015 වසරේ දී බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූ මොහු ඉන්පසුව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වී අවසානයේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය ආරම්භ කර තිබේ.
මියගිය භාතිය මහතා අනතුර වූ දින අම්මා හට දුරකතනයෙන් පස්වරු 12.30 ට පමණ අමතා බෝම්බ ප්‍රහාරයක් සිදුවි ඇති බවත් එය රුපවාහිනියෙන් නරබන ලෙසද පැවැසු බව ඔහුගේ පියා පැවසීය.
පොලිස් සැරයන් භාතිය රත්නායක මහතාගේ අවසන් කටයුතු හෙට (24) කොස්සින්න පොදු සුසාන භුමියේ සිදුකිරිමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දෙමටගොඩ ප්‍රහාරයෙන් මියගිය සැරයන්ගේ අවසන් කටයුතු හෙට
Lakmal Tuesday, 23 April 2019 02:27 PM
ඔබට නිවන් සුව සහෝදරයා.
Ruhunu Tuesday, 23 April 2019 03:16 PM
අප වෙනුවෙන් ඔබේ දිවි පුද කල සොයුර ඔබට අප සැම නිවන් සුව පතන්නෙමු.
A/24/932 CPL CDT B.B.S.L.UDAYANGA. Tuesday, 23 April 2019 05:24 PM
රට ජාතිය වෙනුවෙන් ඇප කැප වී තමාගේ වටිනා ජීවිතය පුදකල ඔබතුමා හට අජරාමර නිවන් සුවය ලැබේවා.
Lasantha D Wednesday, 24 April 2019 03:12 AM
ඔබට නිවන් සුව ලැබේවා!!!