රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග
වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වළකට වැටී නගර සභා සේවකයින් සිව් දෙනෙකු අද (25) මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
වව්නියාව නගර සභාවේ සේවකයින් පිරිසක් විසින් අදාළ ගව ඝාතකාගාරයට ගොස් ඇත්තේ එහි අපද්‍රව්‍ය ඉවත් කිරීමටය.
එහිදී අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පෙර එක් නගර සභා සේවකයකු එම වලට ජලය දමා ඇති අතර එහිදී අදාළ වලෙන් කිසියම් විෂ දුමක් ආග්‍රහණය වීම හේතුවෙන් එම සේවකයා අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලට පළමුව වැටී ඇත.
වව්නියාව නගර සභාවේ ටෙන්ඩර් කැඳවා ක්‍රියාත්මක කෙරෙන අදාළ ගව ඝාතකාගාරය ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයිති බවට ද ප්‍රදේශවාසීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිද්ධිය සැක සහිතයි.
මේ කාන්තාවන් දෙදෙනා දකින විට විශාල කම්පනයක් දුකක් ඇතිවෙනවා. මෙවැනි දුක්මුසු අකල් අනතුරු වගකිය යුත්තන්ගේ අවදානය පිළියම් යොමුවේවා