(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දකුණු පළාත තුළ විශාල පිපිරීමක් සිදු විය හැකි බව පවසා අසත්‍ය එස්. එම්. එස්. පණිවුඩයක් ජංගම දුරකතන වෙත යවා මහජන කැළඹීමක් ඇති කළ බව කියන තරුණියක් අද(26) ගන්දර තලල්ල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්නකිරීම සඳහා අත්අඩංගුවටගත් බව ගන්දර පොලීසිය පවසයි.
එම එස්. එම්. එස්. කෙටි පණිවුඩය ලැබුණු බව කියන පුද්ගලයින් 85දෙනෙකුගෙන් තොරතුරු විමසීමේදී එම තරුණිය සොයා ගැනීමට හැකි වු බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය 21 හැවිරිදි වියේ පසුවන්නියකි.
අදාළ පණිවුඩය මාතර නගරයේ අධ්‍යාපන කාර්යාලයක් ඇතුළු රජයේ ආයතන කිහිපයක සේවක සේවිකාවන් අතර හුවමාරු වී නොසන්සුන්තාවක් ඇති වී තිබෙන බව පොලිසිය කියයිත
“මාතර, ගාල්ල හා තංගල්ල නගරවල හෙට දිනයේ විශාල පිපිරීමක් සිදු වෙනවා. ඒ නිසා නගරයට නොයන්න” යයි අදාළ එස්. එම්. එස්. පණිවුඩයේ සඳහන් කර තිබුණි.
අන්තර් ජාලයේ වට්ස්ඇප් පණිවුඩයකින් තමාට එම තොරතුරු ලැබුණු බවත් එය උපුටා ගෙන හොඳම මිතුරියට එස්. එම්. එස්. පණිවුඩයකින් දැනුම් දුන් බවත් ඒ අනුව එය හුවමාරු වී තිබෙන බවත් සැකකාර තරුණිය පොලීසිය වෙත ප්‍රකාශකර ඇත.
තවද එම සිද්ධිය මේ තරම් දුර දිග යාවි යන්න තමා නොසිතූ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.
සැකකාර තරුණිය බාහිර උපාධිය හැදෑරීම සඳහා ලියාපදිංචි වී සිටින තැනැත්තියක් බවද පොලීසිය සදහන් කරයි.
ඇය අද (27) මාතර මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අසීරු අවස්ථාවලත් අහිංසක මිනිසුන්ව නොමග යවන්න තරම් අපේම මිනිසුන් ඉදිරිපත්වීම කොතරම් අසුන්දරද? මේ ගැහැණියට උපරිම දඩුවම් ලැබේවා