(දයාරත්න ඇඹෝගම)
අංගමුව, යාය 07 ප්‍රදේශයේ කුඹුරකට ජලය රැගෙන යන ඇළකට වැටි අවුරුදු එකයි මාස දෙකක් වයසැති සිගිත්තෙකු අද (28)දින මිය ගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අංගමුව, යාය 07, නොච්චියාගම යන ලිපිනයේ පදිංචිව සිටි ඩබ්. කිත්මිනි නැමති වසරකුත් මාස දෙකක් වයසැති සිගිත්තෙකි.
සිය මව විසින් මෙම සිගිත්තා නිදි කරවා මාළු මිරිස් කැඩීමට නිවසේ පිටුපසට ගොස් සිටියදී නින්දෙන් අවදි වූ දරුවා සිය මව සොයා පැමිණ ඇති අතර නිවස ඉදිරිපිට වෙල්යායට ජලය රැගෙන යන ඇළට වැටි මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
නොච්චියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd