(හාලිඇල- විජේරත්න රත්නායක )
ඊයේ (26) රාත්‍රියේ ඇල්ල දෙමෝදර මංසන්ධියේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන තරුණයින් දෙදෙනෙකු ඇල්ල පොලීසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඉදිරි මැයි මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා අද (27) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එරාවුර් නගරයේ පදිංචිකරුවන් බව කියන වයස අවුරුදු 35 ක් හා අවුරුදු 36 ක් වන මුස්ලිම් ජාතික තරුණයින් දෙදෙනෙකු වන අතර ඔවුන් යුද හමුදා සේවයෙන් පලාගිය දෙදෙනෙක් බවද හෙළිවී ඇත.
ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර මංසන්ධියට යතුරුපැදියකින් පැමිණ ඇති මොවුන් රාත්‍රී 10.00 සිට ඇඳිරිනීතිය බලපැවැත්වෙන බැවින් රාත්‍රියේ ගමන් කළ නොහැකි බව පවසා අදාළ ලැගුම්හලේ නවාතැන් ගෙන ඇති අතර ඔවුන් පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය මඟින් එම දෙදෙනා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. ඇල්ල පොලීසිය ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd