IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇල්පිටිය නගරයේත් සෝදිසි මෙහෙයුම්

(ඇල්පිටිය චන්ද්‍රසිරි  ගුණසේකර)
ඇල්පිටිය නගරයේ සැකසහිත ස්ථාන පරික්ෂාවට ලක් කරමින් පොලිස් සුනඛ බවුෆර්ගේ (1087) සහයද ලබාගනිමින් ඇල්පිටිය පොලිසිය විසින් අද පෙරවරුවේ සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබීය.

ඇල්පිටිය නගරයේ මුස්ලිම් ජාතිකයින් විසින් මේ වන විට ව්‍යාපාරික ස්ථාන 7ක් පවත්වාගෙන යන අතර විශේෂයෙන් එම ස්ථාන වල සැකකටයුතු යමක් ඇද්ද යන්න පිළිබදව මෙම සෝදිසි මෙහෙයුමේදී පරික්ෂා කරනු ලැබීය.

මෙම් සෝදිසි මෙහෙයුමට ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ, ඇල්පිටිය මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් ප්‍රසන්න යන මහත්වරු ඇතුලු පොලිසිය හා යුද හමුදාවේ නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම මෙහෙයුමේදි සැකකටයුතු කිසිවක් හමු නොවූ බව ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා පැවසීය.

රටේ පවතින තත්වයත් සමග ඇල්පිටිය නගරයේ මෙන්ම ප්‍රදේශය පුරා ආරක්ෂාව තරකර ඇතැයි ඇල්පිටිය මූලස්ථාන. පොලිස් පරීෂක අජිත් ප්‍රසන්න මහතාද  පැවසීය.

දක්ශිණ අධිවේගි මාර්ගයේ පිහිටි කුරුදුගහහැතැප්ම පිවිසුම් මාර්ගයෙන් පිටවන හා ඇතුලුවන රථවාහන පරීක්ෂා කිරිමටද  කටයුතු කර ඇති අතර එහිදී සිදුවන අපහසුතා නොසලකා ඊට සහයෝගය දක්වන ලෙසද ඔහු සියලු රථවාහන රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
එසේම සැකකටයුතු කිසිවක් හෝ යම් පුද්ගලයකු දුටුවහොත් ඒ පිළිබදව සැලකිලිමත් වී ඒ ගැන ආරක්ෂක අංශ දැනුවත්  කරන ලෙසත්, බොරු ආරංචි හා කටකතා පැතිරයාමට ඉඩ දීමෙන් වළකින ලෙසත් විශේෂයෙන් මාධ්‍ය මෙම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් ඔහු පැවසීය.



අදහස් (0)

ඇල්පිටිය නගරයේත් සෝදිසි මෙහෙයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site