(ටී. එච්. සරත්)
තලාතුඔය උඩුදෙණිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීති වීරෝධීව මෙරටට ගෙන්වා ඇති සිගරට් හා රතිඤ්ඤා තොගයක් අද (28) දහවල් තලාතුඔය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
නිවසේ ඉබි යතුරු දමා වෙන් කළ කාමරයක මෙම ද්‍රව්‍ය තිබී ඇති අතර එහි පෙට්‍රල් ලීටර් 300 ක්, ඩීසල් ලීටර් 80 ක් ද තිබී හමුවී ඇත.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිශාන්ත මහතා ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
පසුගිය දිනවල දිගන ප්‍රදේශයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ලවීම් සම්බන්ධයෙන් මෙහි කිසියම් සබඳතාවයක් ඇතැයි ද යන්න පිලිබඳව පරීක්ෂණ පැවැත්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අලුත් දෙයක් නොවේ වන්නියේ සෑම කඩයක වගේ ඉන්ධන විකුණන්න තිබෙනවා.