IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හේයස් වත්තේ වතු නිවාසවල ගිලා බැසීම් හේතුවෙන් 34 දෙනෙකු ඉවත්කරයි

 (අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේයස් වත්තේ ‘බී’ කොටසේ  නිවාස නවයකින් යුතු වතු පේළි නිවසක බිත්ති පුපුරා, ඉරිතලා, ගිලා බැසීම හේතුවෙන් පවුල් 9ක 34දෙනෙකු 26දා සවස (ඊයේ) ඉන් ඉවත්කළ බව කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා පැවසීය.

පිරිමි, කාන්තා සහ දරුවන් මෙලෙස ඉවත් කළ අතර ඔවුන්ට හේයස් දෙමළ විiාලයේ ආරක්‍ෂිත නවත්වා ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය. මේ දිනවල වැසි ඇදහැලුනත් මිලිමීටර් 25ට වැඩියෙන් එම ප්‍රදේශයට වැසි නොලැබූණු බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

එතරම් බෑවුම් නොමැති ස්ථානයක මෙම වතු නිවාස පේලිය පිහිටා ඇත. පොළොවෙ ඉරිතැලීම් අඩි 8ක් 10ක් ගැඹුරට නිරීක්‍ෂණය වන බව කොළොන්න පොලීසිය පවසයි. මෙම වතු නිවාස වසර 100කට වැඩි කාලයකට පෙර ඉදිකළ ඒවා බව වතු පාලනාධිකාරිය පැවසීය.

රත්නපුර ඇඹිලිපිටිය පාරේ මාදම්ප හන්දියෙන් දෙනියාය ඒ 17 පාරේ සූරියකන්ද පසුකර ඉදිරියට යද්දී හේයස්වත්ත හමුවෙයි. ඇඹිලිපිටිය දෙසින් කොළොන්න පාරේ පැමිණෙද්දී කෑල්ල හන්දියෙන් හැරී ඉදිරියට යද්දී හමුවන වළකට හන්දියෙන් කිලෝමීටර් දෙකහමාරක් පමණක් යද්දී හේයස්වත්තේ බී කොටස හමුවෙයි.

ඉවත්කළ පවුල් සඳහා වියළි ආහාර ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරයා පියවර ගත්තේය. ගොඩනැගිලි හා පර්යේෂණායතනයේ නිලධාරින්ට දන්වා ඇති බවත් ඔවුන් පැමිණ ලබාදෙන නිර්දේශ මත ඉදිරි පියවර ගන්නා බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.



අදහස් (1)

හේයස් වත්තේ වතු නිවාසවල ගිලා බැසීම් හේතුවෙන් 34 දෙනෙකු ඉවත්කරයි

චමින්ද Wednesday, 01 May 2019 12:31 AM

1969 වසරේ දෙසැම්බර් මාසයේ ඔය කියන ප්‍රදේශයේ නාය යාමෙන් විශාල පිරිසක් මියගිය අතර එම නාය යාමෙන් ගලාගිය පස් කොලොන්න කඩමංඩිය දක්වාම පැමිණියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site