(විනීතා එම්. ගමගේ)
වැල්ලවත්ත ප‍්‍රදේශයේ පොලිසිය කළ නිවාස සෝදිසියක දී බෙදා නොගෙන සඟවා තබන ලද ලිපි 200කට අධික ප‍්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තු සේවකයෙකුගේ නිවසින් හමුවී ඇත.
එම තැපැල් සේවකයා අත්අඩංගුවට ගෙන ඇති අතර සොයා ගත් ලිපි තොගය පොලිසිය විසින් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දුන් බව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
එම ලිපි සියල්ල වැල්ලවත්ත ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ නිවාස හා ආයතනවලට බෙදීමට නියමිතව තිබූ ඒවා යැයි ද හෙතෙම සදහන් කළේය.
අදාළ ලිපි නොබෙදා තබා ගැනීම ගැන එකී ආදේශක නිලධාරියාට එරෙහිව තැපැල් දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම නිලධාරියා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd