IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැල්ලවත්තේ නිවසකින් සැඟවූ ලිපි තොගයක් සොයාගනී

(විනීතා එම්. ගමගේ)
 
වැල්ලවත්ත ප‍්‍රදේශයේ පොලිසිය කළ නිවාස සෝදිසියක දී බෙදා නොගෙන සඟවා තබන ලද ලිපි 200කට අධික ප‍්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තු සේවකයෙකුගේ නිවසින් හමුවී ඇත.
 
එම තැපැල් සේවකයා අත්අඩංගුවට ගෙන ඇති අතර සොයා ගත් ලිපි තොගය පොලිසිය විසින් තැපැල් දෙපාර්තමේන්තුවට  භාර  දුන් බව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
එම ලිපි සියල්ල වැල්ලවත්ත ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ නිවාස හා ආයතනවලට බෙදීමට නියමිතව තිබූ ඒවා යැයි ද හෙතෙම සදහන් කළේය.
 
අදාළ ලිපි නොබෙදා තබා ගැනීම ගැන එකී ආදේශක නිලධාරියාට එරෙහිව තැපැල් දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම නිලධාරියා පැවසීය.



අදහස් (0)

වැල්ලවත්තේ නිවසකින් සැඟවූ ලිපි තොගයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site