(දෙනියාය එස් .ඩි .කොඩිකාර )
දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත් හිගුරුහේන, පුස්ම ඇල්ලට පැන තරුණියක් අද (27) ප.ව .5.00 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ (19) හැවිරිදි සිරිමල් වත්ත, දෙනියාය ලිපිනයේ පදිංචි සෙල්ව කුමර් නාග දේවි නැමති තරුණියක් බව පොලිසිය කියයි.
දෙමව්පියන් සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ඔවුන් සමග අමනාප වී පැමිණ අඩි 30ක් පමණ ගැඹුර ඇල්ලට පැන දිවි හානි කරගෙන ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් ඇල්ලට පැන තරුණිය ගොඩ ගෙන ඇති අතර ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත් ව තිබූ බව පොලිසිය කියයි.
මියගිය තරුණියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දෙනියාය මුලික රෝහලට රැගෙන ගොස් තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මෝඩ වැඩ කරන්නේ ඇයි?