(චන්දන ප‍්‍රනාන්දු)
වෙන්නප්පුව අලුත්පාරේ කොහු අපනයන සැකසුම් කර්මාන්තශාලාවක අද (28) ඇති වු ගින්නකින් කර්මාන්ත ශාලාවට හානි සිදුව ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
ගින්න එහි සේවකයෙකු දැක ඇති බවත් පොලිසියට හා කර්මාන්තශාලාවේ හිමිකරුවන්ට කරන ලද දැනුම්දීමක් මත වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ ජල බවුසරයෙන් ගින්න යම් තරමකට මැඩ පවත්වා ඇති බවත් එහි තිබූ කොහු තොගයට, යන්ත‍්‍ර කිහිපයකට මෙන්ම ගොඩනැගිල්ලටද හානි සිදුව ඇතැයි පොලිසිය කීය.
හලාවත නගර සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න අනෙක් ගබඩා වටා පැතිරීම වළක්වා ඇති බව පොලිසිය කියයි.
මෙම ගින්න ඇති වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් ගින්නෙන් වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලිසිය කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd