IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුත්තලමේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

 (චන්දන ප‍්‍රනාන්දු)                                                                       

වෙන්නප්පුව අලුත්පාරේ  කොහු අපනයන සැකසුම් කර්මාන්තශාලාවක අද (28) ඇති වු ගින්නකින්  කර්මාන්ත ශාලාවට හානි සිදුව ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
                                                                                                                                                                                      ගින්න එහි  සේවකයෙකු දැක ඇති බවත් පොලිසියට හා කර්මාන්තශාලාවේ හිමිකරුවන්ට කරන ලද දැනුම්දීමක් මත වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ ජල බවුසරයෙන් ගින්න යම් තරමකට මැඩ පවත්වා ඇති බවත් එහි තිබූ කොහු තොගයට, යන්ත‍්‍ර කිහිපයකට මෙන්ම ගොඩනැගිල්ලටද හානි සිදුව ඇතැයි පොලිසිය කීය.
 
හලාවත නගර සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න අනෙක් ගබඩා වටා පැතිරීම වළක්වා ඇති බව පොලිසිය කියයි.
 
මෙම ගින්න ඇති වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් ගින්නෙන් වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලිසිය කීය.



අදහස් (0)

පුත්තලමේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site