(ප්‍රසාද් රුක්මාල්)
බදුල්ල ශාන්ත මරියා දෙව්මැදුරේ සහ ශාන්ත මාර්ක් දේවස්ථානයේ අද(28) පෙරවරුවේ යුදහමුදා සහ පොලිස් ආරක්ෂාව යටතේ දේවමෙහෙයන් පැවැත්විණි.
මෙම දේවස්ථානවල දේවමෙහෙයන් ආරම්භ කිරීමට පෙර බදුල්ල පොලිස් නිලධාරීහු පොලිස් නිල සුනඛයන් යොදවා දේවස්ථාන සහ ඒ අවට දැඩි පරීක්ෂාවට ලක් කළහ.
අනතුරුව දේවමෙහෙයන්වලට සහභාගීවීමට පැමිණි බැතිමතුන් පොලිස් නිලධාරීහු පරීක්ෂාවට ලක් කළහ.
දේවමෙහෙයන් පැවතුණද ඊට සහභාගී වූ බැතිමතුන්ගේ අඩුවක් දක්නට ලැබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd