(දයාරත්න ඇඹෝගම)
කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සඳහා පිං පැමිණවීමේ හා රෝගී වී රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අය සඳහා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පිං පැමිණවීම හා ආශිර්වාද පූජාවක් අද (26) රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් ඉදිරිපිට දී පැවැත්විණි.
අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම සිරිනිවාස මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් මෙම පිංකම සංවිධානය කරනු ලැබීය.
අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව් මැදුර බාර පියතුමන් වන ශ්‍රී ලාල් ක්‍රිෂාන්ත පියතුමන් හා දිලීප එරංග පියතුමන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා! ගිලන් වූ සියලු දෙනාම ඉක්මනින්ම සුවපත් වේවා! බිඳී ගිය හදවතද මෙත් සිසිලෙන් සුවපත් වේවා!