IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘කැමා‘ වර්ගයේ කමිසයක් ඇතුළු උපකරණ තොගයක් මැදිරිගිරියෙන් සොයා ගනී

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය පොලීසිය හා යුද හමුදා නිළධාරීන් එක්ව මැදිරිගිරිය අවට මුස්ලිම් ගම්මාන රැසක කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා කැමා වර්ගයේ කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් සහ අඩි 1 අඟල් 11 දිගින් යුත් කඩුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට පත් අහමඩ්පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සතුව යුද හමුදා කැලෑ කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් ද පඹුරාණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව අඩි 1 අඟල් 11 දිගින් යුත් කඩුවක් ද තිබූ බව පොලිසිය කියයි.
 
මැදිරිගිරිය පල්ලිය ගොඩැල්ල, අක්බාර්පුර, අහමඩ්පුර, පඹුරාණ යන ගම්මාන රැසක කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම භාණ්ඩ සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
කැමා වර්ගයේ  කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් ළඟ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර පසුව එයින් ඉවත් වී ඇති අතර ඔහු සන්තකයේ තිබූ උපකරණ නැවත භාර නොදී ඇති බව පොලිසිය කළ විමර්ෂණවලදී අනාවරණය වී ඇත.
 
 අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා  අද (28 ) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

‘කැමා‘ වර්ගයේ කමිසයක් ඇතුළු උපකරණ තොගයක් මැදිරිගිරියෙන් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32260 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14748 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 80 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 356 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site