(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය පොලීසිය හා යුද හමුදා නිළධාරීන් එක්ව මැදිරිගිරිය අවට මුස්ලිම් ගම්මාන රැසක කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා කැමා වර්ගයේ කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් සහ අඩි 1 අඟල් 11 දිගින් යුත් කඩුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් අහමඩ්පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සතුව යුද හමුදා කැලෑ කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් ද පඹුරාණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව අඩි 1 අඟල් 11 දිගින් යුත් කඩුවක් ද තිබූ බව පොලිසිය කියයි.
මැදිරිගිරිය පල්ලිය ගොඩැල්ල, අක්බාර්පුර, අහමඩ්පුර, පඹුරාණ යන ගම්මාන රැසක කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම භාණ්ඩ සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කැමා වර්ගයේ කමිසයක්, ටී 56 මැගසින් රඳවන පූචස් එකක් ළඟ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර පසුව එයින් ඉවත් වී ඇති අතර ඔහු සන්තකයේ තිබූ උපකරණ නැවත භාර නොදී ඇති බව පොලිසිය කළ විමර්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අද (28 ) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd