(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
නීතීඥවරුන් නොවන දෙදෙනෙකු කොළඹ නාගරික මරණ පරීක්ෂකවරුන් හැටියට පත් කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඔවුන්ගේ සේවා කටයුතු වළකාලන ලෙස ඉල්ලා කොළඹ නාගරික මරණ පරීක්ෂකවරුන් දෙදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) අවසර ලබා දෙන ලදී.
මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු අදාළ නාගරික මරණ පරීක්ෂකවරු දෙදෙනාගේ සේවා කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක්ද නිකුත් කළේය.
ඒ අනුව මෙම පෙත්සම ලබන ඔක්තෝබර් 11 වැනි දින විභාගයට ගැනීමට නියෝග කෙරිණි.
මෙම පෙත්සම ප‍්‍රසන්න ජයවර්ධන ,මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
කොළඹ නාගරික මරණ පරීක්ෂක අෂ්රොෆ් රූමි , කොළඹ අතිරේක නාගරික පරීක්ෂක ඉරේෂා දිල්ශානි සමරවීර මහත්ම මහත්මීන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු අටදෙනෙකු නම් කරනු ලැබ ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කොළඹ නාගරික මරණ පරීක්ෂකවරු දෙදෙනාගේ පෙත්සම විභාගයට අවසර