(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුස්ලිම් කාන්තාවන් පලදින අබායා පිළිබඳ ප්‍රශ්නයක් මුල් කර ගිනිමින් බණ්ඩාරගම අටලුගම පවුලේ සෞඛ්‍ය සේවා සායනය වෙත කඩා වැඳුණු මුස්ලිම් තරුණයන් සිව් දෙනෙකු එහි සිටි අතිරේක වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙම සිද්ධියත් සමඟ එම පවුල් සෞඛ්‍ය සේවා සායන මධ්‍යස්ථානය වසා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එහි කාර්ය මණ්ඩලය පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව පොලිසිය කියයි.
මේ දිනවල රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් හා ගැබිණි කාන්තාවන් පරීක්ෂා කිරීම හා එන්නත් ලබා දීමේ පහසුව සඳහා අබායා ඉවත් කර සායනයට පැමිණෙන ලෙස හා මුහුණු ආවරණ ඉවත් කර සායනයට ඇතුළු වන ලෙස මාතෘ සායනය ඉදිරිපිට දැන්වීමක්ද ප්‍රදර්ශනය කර තිබූ බව පොලිසිය කියයි.
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ගැබිනි මාතාවන් පරීක්ෂා කරන කාමරය වෙත කඩා වැඳුනු පුද්ගලයින් සිව් දෙනෙකු ජංගම දුරකතනයක වීඩියෝවක් පෙන්වමින් අබායා ඉවත් කිරීම පිළිබඳව ප්‍රශ්නයක් මතු කරමින් වෛද්‍යවරියට බැන වැදී තර්ජනය කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.


2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
883
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අටලුගම පවුල් සෞඛ්‍ය සේවා සායනයේ වෛද්‍යවරියට තර්ජන
Asanka Thursday, 09 May 2019 02:28 PM
ඇගේ ලේ කෝපවෙන ප්‍රවෘත්ති, එක සිංහල තරුණයෙක් හිටියේ නැද්ද ඔතන. සුළු ජාතීන්ගේ ඡන්ද වලට වහල්වුන නායකයෝ සිටින තුරා අපිට මෙවැනි ලේ කකියන ප්‍රවෘත්ති වලින් අඩුවක් නැතිවෙයි.