(ටෝනි කරුණානායක)
ආගමික හැඟීම් කෙළෙසන, ද්වේශසහගත දර්ශන ඇතුළත් ජංගම දුරකතනයත් සන්තකයේ තබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් 10,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද(09) නියම කළේය.
මිනුවන්ගොඩ ගල්ඔළුවේ පදිංචි මොහොමඩ් මුනාස් මොහොමඩ් මුපීස් නැමැති 20 හැවිරිදි විත්තිකරුට මෙසේ දඩ නියම විණි.
ඉකුත් 21 වැනිදා මීගමුව, කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් පසු දර්ශන සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී යුද හමුදාව සහ පොලිසිය සොයාගෙන තිබූ අතර එම දර්ශන නවීන තාක්ෂණය ඔස්සේ සැකකරුගේ දුරකථනයට ලැබී ඇති බව අනාවරණය වී ඇතැයි අධිකරණයේදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd