IMG-LOGO

තලාපිටිය නිවසින් අත්අඩංගුවට ගත් හමුදා ඇඳුම් ගැන විමර්ශනයක්

(ඩී ජි සුගතපාල / සුමතිපාල දියගහගේ)
 

ගාල්ල පොලිස් වසමේ තලාපිටිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නා ලද ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය සහ රණවිරු ඇපරල් ආයතනය එක්ව විමර්ෂණයක් ආරම්භ කර තිබේ.
 
ඉකුත් 5 වැනි සහ 6 වැනි දා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමකදී තලාපිටියේ නිවසක ගෝනි 10ක සඟවා තිබූ මෙම නිල ඇඳුම් සහ නිල ඇඳුම් කොටස් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. 
 
ඒවා අතර, යුද හමුදා කමිස කලිසම්, කොට කලිසම්, සම්පුර්ණ නිලඇදුම් කට්ටල, හමුදා ටී ෂර්ට්, හමුදා කැප් පැති අවි රැඳවුම් බඳපටි, ලෙන් යාඩ් විශාල ප්‍රමණයක් තිබී සොයා ගනු ලැබ ඇත.
 
ඒවායේ රණවිරු ලංඡනය සහ රණවිරු ඇපරල් ලේබලය තිබූ අතර, පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ රණවිරු ඇපරල් ආයතනයේ නිෂ්පාදන කරන ලද ඒවා බවයි. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, මාධ්‍ය මගින් අනාවරණයවීමෙන් පසු යුද හමුදා පොලිසිය සහ රණවිරු ඇපරල් ආයතනය පැමිණ මෙම විමර්ෂණය ආරම්භ කර ඇත.
 
මෙම නිල ඇදුම් සැකකරුට ලැබුණේ කෙසේ ද , ඒවා ඔහු විසින් වෙනත් පාර්ශවයන්ට ලබා දි තිබේ ද, කුමණ අරමුණක් සඳහා සැකකරු මෙම නිල ඇඳුම් සඟවා තබාගන සිටියේ ද රණවිරු ඇපරල් ආයතනයේ සෙවකයන් විසින් ඔහුට මේවා ගෙනවිත් දී තිබේද, සැකකරු සමග සම්බන්ධතා පැවත්වූ වෙනත් පිරිස් කවුරුන්ද යන්න ආදිය පිළීබඳව විමර්ෂණය කරන බව ගාල්ල පොලිසිය පවසයි.



අදහස් (0)

තලාපිටිය නිවසින් අත්අඩංගුවට ගත් හමුදා ඇඳුම් ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1443 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site