(තුසිත කුමාර ද සිල්වා)
පයාගල - පොතුවිල පාරේ කුඩා බෝක්කුවක් අසළ කළු පැහැති සැකකටයුතු බෑගයක් තිබෙන බවට පයාගල පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත කළ සොයා බැලීමේදී එම බෑගයේ තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගත් පොලීසිය කියයි.
එම බෑගයේ එම් .පි .එම්.ජී වර්ගයේ උණ්ඩ 18, 9 එම්.එම් වර්ගයේ උණ්ඩ 3, ටී 56 වර්ගයේ උණ්ඩ 2, 4.5 එම්. එම් වර්ගයේ උණ්ඩ 2, 5.56 එම්.එම් වර්ගයේ උණ්ඩ 6 , බෝර 12 වර්ගයේ උණ්ඩ 2 හා පතොරම් කොපු 2 ක් ද තිබී සොයා ගෙන තිබේ.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත පයාගල පොලිස් ස්ථානාධිපති ඩබ් ගුණතිලක මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd