(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
රාජකාරි කටයුත්තක නිරතව සිටි රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් කළ පහරදීමක් සම්බන්ධයෙන් මාතලේ පොලිසිය විධිමත් පරීක්ෂණයක් නොකර පක්ෂක්ග්‍රාහීව කටයුතු කළ බව පවසමින් එම ක්‍රියාවට විරුද්ධව අද (14) මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීහු විරෝධතාවක නිරතවූහ.
එම විරෝධතාව මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපටදී පස්වරු 01.00 සිට 02. 00 පැවැත්විණි.
පසුගිය (08) වන දින මාතලේ මැලදුම්පත ප්‍රදේශයේ ගම්පෙරළිය වැඩසටහන යටතේ මාර්ගයක සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සදහා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකවරයා, කාර්මික නිලධාරි ඇතුළු පිරිසක් සංවර්ධනය කිරීමට නියමිත ස්ථානයට ගොස් සංවර්ධනය කටයුතු පිළිබද සාකච්ඡා කරමින් සිට ඇත.
එහිදී සංවර්ධයට විරෝධය දක්වමින් එම ගමෙහිම පදිංචි විශ්‍රමික පොලිස් නිලධාරියෙකු විසින් ගල් හා පොලුවලින් එම නිලධාරීන්ට පහරදීමෙන් සැලසුම් අධ්‍යක්ෂක හා තවත් පුද්ලයෙකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.
එම සිද්ධිය පිළිබදව මාතලේ පොලිසිය වෙත පැමිණිලි කළත් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකර විශ්‍රාමික පොලිස් නිලධාරියාට වාසි සහගතවන අයුරින් කටයුතු කර, විශ්‍රාමික පොලිස් නිලධාරීයාගේ පැමිණිල්ලට අනුව පහර කෑමට ලක්වුවන් අධිකරණට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇතැයි විරෝධය පළ කරන ලෙස හා අදාළ පොලිස් නිලධාරියාට නිසි දඩුවම් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.

2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැමිණිල්ලකට විධිමත් පරීක්ෂණ ඉල්ලා මාතලේ උද්ඝෝෂණයක්