(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආරක්ෂක අංශ භාවිත කරන අලුත්ම අත් බෝම්බයක් පානදුර කළුදෑවල ආදර්ශ මාවතේ පාළු ඉඩමක තිබී අද(13) හමු වූ බව පානදුර දකුණ පොලිසිය කියයි.
පොලිස් හදිසි ඇමතුම් අංශය ලද තොරතුරක් අනුව බෝම්බය සොයාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
එම අත්බෝම්බය සොයාගන්නා අවස්ථාවේදී එහි ආවරණය විවෘත වී තිබූ බවත් එස් එෆ් ජී 87 ලෙසින් එහි සටහන්ව තිබූ බවත් එය විදේශීය රටක නිෂ්පාදිත එකක් බවත් පොලිසිය කියයි.
එම ස්ථානයට පැමිණි ආරක්ෂක අංශ බෝම්බය සිය බාරයට ගැනීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අත්බෝම්බයක් පාළු ඉඩමකින් හමුවේ