IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශිෂ්‍ය සංගම් නායකයන් නිදහස්කරන්නැයි යාපනය සරසවි සිසුහු විරෝධතාවයක

(සිතුම් චතුරංග)
         
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාල සිසුහු අද(15) විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
         
අධ්‍යාපනය ලබන සිසුන් විවිධ චෝදනා යටතේ සිරගතකර ඇති බවත්, බන්ධනාගාර ගතකර සිටින සිසුන් වෙත නිදහස ලබාදී ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදෙන ලෙසත් ඉල්ලාසිටිමින් විශ්වවිද්‍යාල සිසුහු විරෝධය පළකළහ.
         
යාපනය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන්(24) සහ ලේකම් එස්.බදිල්රාජ්(23) යන සිසුහු යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට(16) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිති.
         
විශ්වවිද්‍යාල සිසුන් අයිඑස් සංවිධානයේ ත‍්‍රස්තවාදීන් නොවන බවත් අත්අඩංගුවට ගත් සිසුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් සඳහන් කරමින් ඔවුහු පෝස්ටර හා බැනර් ප‍්‍රදර්ශනය කළහ.
         
යාපනය විශ්වවිද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මහ ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සහ ඇන්ටන් බාලසිංහම්ගේ රුවසහිත පෝස්ටර කිහිපයක් හමුවීමත් සමඟ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් අප්‍රේල් (03) වැනිදා  කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (0)

ශිෂ්‍ය සංගම් නායකයන් නිදහස්කරන්නැයි යාපනය සරසවි සිසුහු විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site