IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ඇඳිරිනීතිය බලපත් නැතිව රැකියාවලට ගොස් එන පිරිස් දැඩි අපහසුතාවට

(තරිඳු ජයවර්ධන)
 
ගම්පහ කොට්ඨාසයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබූ බදාදා (15) රාත්‍රී පොලිස් ස්ථාන දෙකකින් ඇඳිරිනීතිය අවස්ථාවේ ගමන් කළ හැකි බලපත්‍ර ලබා නොදීම නිසා රාජකාරීවලට ගොස් එමින් සිටි පිරිස් දැඩි අපහසුතාවට ලක්වූහ.
 
කොළඹ - මහනුවර පාරේ ගමන් කරද්දී ඇඳිරිනීතිය නැති ප්‍රදේශයක ඇති අවසන් පොලිසිය වන කඩවත පොලිසියට ඇඳිරිනීතිය අවස්ථාවේ ගමන්කළ හැකි බලපත් ලබා ගැනීමට යද්දී ප්‍රධාන දොරටුවේ සිටි ග්‍රාමාරක්ෂකයා කඩවත පොලිසියෙන් ඇඳිරිනීතිය බලපත් ලබා නොදෙන බව කියමින් බලපත් ගැනීමට යන පිරිස් ආපසු හරවා යැවීය.

ඔහු සමඟ සාකච්ඡා කර පොලිසියට ගිය අවස්ථාවේ පොලිසිය ඇතුළේ  සිටි පොලිස් පරීක්ෂකවරයෙක් ද කඩවත පොලිසියෙන් ඇඳිරිනීතිය බලපත් ලබා නොදෙන බවත්, ඇඳිරිනීතිය තිබෙන පොලිස් බල ප්‍රදේශයක පොලිසියකින් ලබා ගත හැකි බවත් ප්‍රකාශ කළේය.
 
කොළඹ - මහනුවර පාරේ යද්දි  ඇඳිරිනීතිය දමා තිබූ ප්‍රදේශයක හමුවන පළමු පොලිසිය වන  යක්කල පොලිසියට ඇඳිරිනීතිය බලපත් ගැනීමට  ගිය අවස්ථාවේ පොලිසිය ඉදිරිපිට සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙක් බලපත් අවශ්‍ය නොවන බව කියමින් බලපත් ගැනීමට එන පිරිස් පිටත් කළහ. ඔවුන් සමඟ සාකච්ඡා කර පොලිසිය තුළට ගොස් කාර්ය භාර නිලධාරීන් හමුවූ අවස්ථාවේ ඔවුන් ද ඇඳිරිනීතිය බලපත් නිකුත් නොකළ අතර අවශ්‍යතාවක් වුවහොත් ඇමතුමක් ලබා දෙන්නැයි කියමින් දුරකතන අංකයක් ලබා  දී තිබිණි.
 
කෙසේ වෙතත් යුද හමුදාවෙන් වාහන නතර කිරීමෙන් පසු ඇඳිරිනීතිය බලපත් නැති නිසා ඉදිරියට යාමට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කළේය. මේ නිසා රාජකාරිවලට ගොස් යළි එමින් සිටි පිරිස් දැඩි අපහසුතාවට පත්වූහ.  
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඇඳිරිනීතිය බලපත් ඉල්ලන පුද්ගලයන්ගේ අවශ්‍යතාවය සාධාරණදැයි පරීක්ෂා කර බලා බලපත් නිකුත් කළ යුතු බවයි.  



අදහස් (0)

ඇඳිරිනීතිය බලපත් නැතිව රැකියාවලට ගොස් එන පිරිස් දැඩි අපහසුතාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32272 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14773 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 361 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1281 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site