IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක් සමග ඇටසැකිලි කොටස් හමුවේ

(වන්නි රොමේෂ් මධුෂංඛ)

මුලතිව් මුල්ලිවයික්කාල් යුද හමුදා කඳවුරක් ආසන්නයේ පිහිටි මුහුදු තීරය ආසන්නයේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් සිදු කරන ලද කැනීමකදී එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක කොටස් හා ඇටසැකිලි කොටස් කිහිපයක් සමග අත්බෝම්බ 2ක් අද (18) අළුයම හමු වී ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු එම සංවිධානය විසින් මෙම ස්ථානයේ වලදමා පසු බසින්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පල කර සිටියි.

කෙසේවෙතත් අදාල ඇටසැකිලි හමුවීම සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට කරුණු දක්වා මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයන් පරිදි එම ස්ථානයේ වැඩි දුර කැණීමක් සිදු කිරීමටද පියවර ගන්නා බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක් සමග ඇටසැකිලි කොටස් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32272 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14773 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 361 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1281 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site