(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා යෙදී තිබූ ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කතෝලික දේවස්ථාන තුනක් කොළඹ තරු පන්තියේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් එල්ල කර අද (21) දිනට මාසයක කාලයක් සම්පූර්ණ විය.
ප‍්‍රහාරයට මසක් සම්පූර්ණවීම නිමිති කරගනිමින් එම ප‍්‍රහාරයන් එල්ල වූ දේවස්ථානයන් ද ඇතුළුව දිවයින පුරා කතෝලික දේවස්ථාන රැසක අද පස්වරුවේ විශේෂ දේවමෙහෙයන් සංවිධානය කර තිබිණි.
මෙම ප‍්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මියගොස් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූ අතර මියගිය හා තුවාල ලැබූවන් සිහිකර මෙම දේව මෙහෙයන් පැවැත්විණි.
මෙම දේව මෙහෙයන් සඳහා පැමිණි ප‍්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන්ගේ ඥාතීන් ඒවාට සහභාගී වූයේ හැඬූ කඳුළින් යුතුවය.
මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සහ මඩකලපුව සියෝන් යන දේවස්ථානයන්ට මෙම ප‍්‍රහාර එල්ල විය.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති දේවමෙහෙයේ අවස්ථා කිහිපයක් ඡායාරූපවල දැක්වේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දේවස්ථානයන්හි විශේෂ දේව මෙහෙයන්