IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පන්නල සෝදිසි මෙහෙයුමක දී 4 ක් අත්අඩංගුවට

(දිනේෂ් උපේන්ද්‍ර)
            
යුද හමුදාව පොලිසිය හා ඒකාබද්ධව පන්නල බම්මන්න ප‍්‍රදේශයේ දී අද (23) කළ සෝදිසි මෙහෙයුමකදී කඩු, ඇමෝනියා හා විදෙස් ගමන් බලපත් තොගයක් සමඟ සැකකටයුතු භාණ්ඩ රැසක් සමගින් සැකකටයුතු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
බම්මන්න මුස්ලිම් පල්ලිය අසල නිවාස කිහිපයකදී මෙම භාණ්ඩ තොගය සොයා ගැනීමට හැකී වී තිබේ.

විදෙස් ගමන් බලපත් 15 ක්, අඩි 3ක් පමණ උසින් යුතු විශාල ප‍්‍රමාණයේ කඩු 2ක්, වීසා කාඩ් 5 ක් හිමිකරුවන් නොමැති හැඳුනුම්පත් 2 ක් විදෙස් ගමන් බලපත් සමඟ ගමන් බලපත් 2ක්, යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම් 2 ක් ජංගම දුරකථන 10ක් සිම්පත් 10ක් හා ඇමෝනියා කිලෝ 25 බැගින් පිරවූ ගෝනි 25 ක් එම භාණ්ඩ තොගයට අයත්ව ඇත.
  
බිහිසුණු ක‍්‍රියා පිළිබඳ ශ‍්‍රී ලංකාවේ දී ගත් ඡායාරූප ද සහිතව මුද්‍රණය කර තිබූ විදෙස් රටක මුද්‍රණයක් යැයි සැකකෙරෙන ග‍්‍රන්ථයක් ද එහිදී පොලිස් බාරයට ගෙන තිබූ අතර භික්‍ෂූන් වහන්සේ විසින් භාවිත කරන කහ පැහැති කුඩ 3 ක ද ඊට ඇතුළත්ය.
                        
සෝදිසි මෙහෙයුමේදී සොයාගත් සැකකටයුතු භාණ්ඩ හා නිවෙස්වල සිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා පන්නල පොලිසියට යොමු කළේය.
              

 



අදහස් (0)

පන්නල සෝදිසි මෙහෙයුමක දී 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site