රිය අනතුරකින් කොස්තාපල්වරයෙකු මරුට ආණමඩුව හලාවත මාර්ගයේ කොන්වල කන්ද ප්‍රදේශයේදී අද (27) සිදුවූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 27 May 2019
වෙඩි වැදුණ සද්ධන්තයෙකු ජීවිතයත් මරණයත් අතර සටනක නවගත්තේගම මහපිටියඇළයාය ප්‍රදේශයේ කුඹුරුයායක වෙඩි වැදී බරපතල තුවාල ලබා සිටි ඇතෙකු බේරා ගැනීම සඳහා අද (27) වනජීවි නිලධාරීන් පිරිසක් බලවත් උත්සාහයක නිරතවූහ. 27 May 2019
දීඝවාපිය ග්‍රාමීය රෝහල පුළුල් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක් දීඝවාපි ගම්මානයේ පිහිටා තිබෙන ග්‍රාමීය රෝහලේ සේවාවන් පුළුල් කරදෙන ලෙස ඉල්ලා එම ගම්මානයේ ජනතාව දීඝවාපි රෝහල ඉදිරිපිටදී අද (27) විරෝධතාවයක නිරත වූහ. 27 May 2019
වැල්ලවායේ අවි ගබඩාවකට දෙහිවල සිට අවි රැගෙන ගිය කැබ් රථය සොයාගනී වැල්ලවාය කුඩා ඔය ප්‍රදේශයේ ගිනි අවි ගබඩාවකට දෙහිවල සිට ගිනි අවි,වායු රයිෆල් , ජීව උණ්ඩ, බෝම්බ සහ කඩු තොග වශයෙන් ප්‍රවාහනය කළ ඩබල් කැබ් රථයක් දෙහිවල සරණංකර පාරේ දෙමහල් නිවසක ගරාජයේ තිබී අත් අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 27 May 2019
“අරුවක්කාලු කසළ අංගනයේ වැඩ අවසන් වෙන්නත් කලින් කසළ ගෙනත් දාලා ‘‘ අරුවක්කාලු කසළ අංගනයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතිද්දී එයට පිට නගරවල සිට කසළ රැගෙන ඒම ගැන තමන් දැඩි විරෝධය පළකරන බව වනාතවිල්ලුව ප්‍රදේශීය සභාවේ සභාපති එම්. එම්. සමන්ත මුණසිංහ මහතා පැවසීය. 27 May 2019
ගාල්ලේ ඩෙංගු රෝගය උත්සන්න වීමේ අවදානමක් 2019 වර්ෂයේ මැයි මාසය වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ හතරක් හා ඩෙංගු රෝගීන් 1700ක් වාර්තා වී ඇති බවත් පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසය ඇතුළත දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය උත්සන්න වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි. 27 May 2019
මුස්ලිම් කඩවලට පහරදුන්නැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක ඉකුත් 12 වැනිදා මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන්ට අදාළ පැමිණිළි හතරක් වෙනුවෙන් කැඳවා තිබූ හඳුනාගැනීමේ පෙරට්ටු හතරකින් එකක් අද (27) කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පැමිණිලිකරුවන් විසින් සැකකරුවන් වෙන්කර හඳුනාගෙන නොතිබිණ. 27 May 2019
පාස්කු ඉරිදා ප්‍රහාරය හෙළා දකිමින් අකුරණදී සාමකාමී උද්ඝෝෂණයක් පාස්කු ඉරිදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් සියලුම ත්රස්තවාදීන්ට අන්තවාදීන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලමින් සහ ජාතික සමගිය ගොඩ නැගීමට බල කිරීම අරමුණු කර ගෙන ‘ජාතික සමගිය වෙනුවෙන් අපි’ සංවිධානය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයක් අද (27) අකුරණ නගරයේදී පැවැත්විණි. 27 May 2019
කොත්මලේ ප්‍රදේශ රැසක් ජල අර්බුදයක කොත්මලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ හරංගල, නවතිස්පනේ, කිරිමැටියාව , කලපිටිය , මල්දෙණිය ආදී ගම්මාන රැසක් ජල අර්බුදයකට මුහුණ දී ඇත. 27 May 2019
බලන්ගොඩ වලේබොඩ ග්‍රාමීය රෝහලට තවම වෛද්‍යවරයෙකු නෑ බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර කිරීම සඳහා මෙතෙක් වෛද්‍යවරයෙකු පත්කර නොමැති බව ජනතාව මැසිවිලි නගති. 27 May 2019
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලක්ෂමන් කිරිඇල්ලේ අමාත්‍යවරයා විසින් නැවැත පෞද්ගලීකරණය කිරීමේ උත්සහයක නිරතවෙමින් සිටින බවත් එම උත්සහය අත් හරින ලෙස රජයට බල කරමින් එහි සේවකයන් පිරිසක් අද (27) එම කම්හල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. 27 May 2019
හම්බෙගමුවේ ඉඩමකින් බෝම්බයක් හමුවෙයි හම්බෙගමුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී අද (27) බෝම්බයක් හමුවූ බව හම්බෙගමුව පොලිසිය පැවසීය. 27 May 2019
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ නිලධාරීන්ට ප්‍රවාහන ඇමැතිගෙන් දොස් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ මධ්‍යස්ථානය නව ස්ථානයක ස්ථාපනය කිරීම අද (27) ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අතර මෙහිදී සේවය ලබා ගැනීමට පැමිණි පිරිසට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ප්‍රධානීන්ට චෝදනා කළේය. 27 May 2019
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි තියුණු ආයුධ වලින් පහරදි 44 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළේ යැයි කියන පෙදරේරුවන් සිව් දෙනෙකු තරියන්කුලමේදී අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 27 May 2019
මන්නාරමේදී කේරල ගංජා කිලෝ 126 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට මන්නාරම උදයපුරම් ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 125 ග්‍රෑම් 695 ක් අත්අඩංගුවට ගෙන ඇත. 27 May 2019
උතුරු දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මාන්කුලම් පොලිසිය පවසයි. 27 May 2019
අනවසරෙන් මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට තේ ගස් ගලවා විශාල වලවල් හාරා අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසීය. 27 May 2019
ගංජා ජාවාරම්කරුවෙකු ඇතුළු 7 ක් පොලිස් දැලේ ගංජා ජාවාරම්කරුවෙකු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු හා ගංජා ග්‍රෑම් 15 ක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි. 27 May 2019
කඩු ප්‍රහාරයකින් දෙදෙනෙකු රෝහලේ අම්බලන්තොට තවාලුවිලදී අද (27) දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුරේදී එල්ල වූ කඩු ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි. 27 May 2019
මීටියාගොඩ නිවසකට අත් බෝම්බ ප්‍රහාරයක් මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (27) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ. 27 May 2019
හැදුනුම්පත් 51 සමග අයෙක් අල්ලයි ජාතික හැදුනුම්පත් 51 ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ දිමුතුගමදී අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි . 27 May 2019
ඉඔුල්පේ රක්ෂිත 2ක් ගිනි ගනී බලන්ගොඩ ඉඔුල්පේ හල්ගහවෙල සහ පහන්තුඩාව ආශ්‍රිතව ඇති රක්ෂිත වල අද (26) සවස සිට ගිනිගැනිම් 2ක් හටගෙන ඇති බව ඉඔුල්පේ ප්‍රදේශීය සභාපති ශ්‍රීලාල් සෙනරත් මහතා පවසයි. 26 May 2019
සැමියාගේ පිහි පහරින් බිරිඳ මරුට සැමියාගේ පිහි පහරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 26 May 2019
නිතීවිරෝධීව ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ දෙන්නෙක් අල්ලයි විදේශීය නිෂ්පාධිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (26) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 26 May 2019
නිධන් ගන්න ගිය 8ක් අත්අඩංගුවට හල්දුම්මුල්ල නිධන්ගල ප්‍රදේශයේ නිධන් ලබාගැනීම සඳහා කැනීම් කළ බව කියන පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය කියයි. 26 May 2019
සිසුවිය ගැබිණියක් කළ සිසුවා අත්අඩංගුවට බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ අවුරුදු 11 වන පාසල් දරියක් ගැබිනියක් කළ පහළොස් හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය පවසයි. 26 May 2019
ගුරුකන්ද රජමහා විහාරයට දුන් අධිකරණ තීන්දුව කඩකරලා මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට පැමිණි පිරිසක් බලහත්කාරයෙන් එහි නීරාවී පුල්ලයාර් කෝවිල යනුවෙන් නාම පුවරු දෙකක් සවිකර ඇති බව ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් පැවසුහ. 26 May 2019
බඹරු ඇන පාසල් දරුවකු ඇතුළු 54 ක් රෝහලේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පැවැති ශ්‍රමදානයකදී බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එයට සහභාගී වී සිටි මව්පියන් 53 දෙනකු බඹරු ඇන රෝහල්ගත කර තිබේ. 26 May 2019
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයෙන් සිර දඬුවම් තම ස්වාමිදුවගේ මෝටර් රථය ගිනි තැබීයැයි චෝදනා ලද ඩුබායි හි සේවය කල ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට එරට අධිකරණයක් මඟින් මාස 06ක සිරදඬුවමක් හා ඩිරාම් 5000 ක දඩමුදලක් නියම කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 26 May 2019
මහරගම අරාබි පාසල ඉවත්කරන්නැයි ඉල්ලා විරෝධතාවක් මහරගම පමුණුව ප්‍රදේශයේ පිහිටා ඇති ගෆූරියා අරාබි පාසල වහාම එම ස්ථානයෙන් ඉවත්කරන්නැයි ඉල්ලා ‘අන්තවාදයට එරෙහි මහරගම අපි’ සංවිධානය ආරම්භ කළ උද්ඝෝෂණයක් එම පාසල ඉදිරිපිටදී අද(26) පැවැත්විණි. 26 May 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025