(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම මහපිටියඇළයාය ප්‍රදේශයේ කුඹුරුයායක වෙඩි වැදී බරපතල තුවාල ලබා සිටි ඇතෙකු බේරා ගැනීම සඳහා අද (27) වනජීවි නිලධාරීන් පිරිසක් බලවත් උත්සාහයක නිරතවූහ.
ඇළයාය කුඹුරක වැටී සිටි මෙම ඇතා පිළිබඳව ප්‍රදේශවාසීන් නවගත්තේගම වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබුණි.
වන ජීවි නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විටත් දැඩි ලෙස මෙම ඇතා අසාධ්‍ය මට්ටමක සිටි බව වනජීවි නිලධාරීහු පැවැසූහ.
අඩි අටකට වඩා උසකින් යුත් මෙම ඇතා වයස අවුරුදු 35 කට ආසන්න බවද ඔවුහු කියති.
වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පවසා සිටයේ ඇතාගේ හිස ආසන්නයට දරුණු වෙඩි පහරවල් කිපයක් වැදීම නිසා හිස එසවිම නොහැකි මට්ටමක පැවතීම හේතුවෙන් ඇතා බේරා ගැනීමට විශාල උත්සහයක් ගන්නා බවයි.
සුසුම්නාවට හානි වීම නිසා ඇතා යළි නැගි සිටුවීමේදී අවදානම් තත්වයක් මතුව ඇති බවත් ඔහු පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වෙඩි වැදුණ සද්ධන්තයෙකු ජීවිතයත් මරණයත් අතර සටනක