(තිලකරත්න දිසානායක)
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ මධ්‍යස්ථානය නව ස්ථානයක ස්ථාපනය කිරීම අද (27) ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අතර මෙහිදී සේවය ලබා ගැනීමට පැමිණි පිරිසට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ප්‍රධානීන්ට චෝදනා කළේය.
ගම්පහ කච්චේරිය ඉදිරිපිට පිහිටා තිබූ වෛද්‍ය මධ්‍යස්ථානය එම ස්ථානයේ සිට කිලෝමීටරයක පමණ දුරක අතුරු මාර්ගයක පිහිටි පෞද්ගලික නිවසක ස්ථාපනය කිරීම අද සිදුකළේය.
එම අවස්ථාවේ සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණ සිටි 400 ක පමණ පිරිසක් දැඩි අව් රශ්මියේ සිටිනු දුටු අමාත්‍යවරයා දැඩිසේ කෝපයට පත්ව පැවැත්වීමට නියමිතව තිබූ උත්සව සභාවද අවශ්‍ය නොවන බව පවසමින් පැමිණෙන අයට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට මෙලෙස දොස් පැවරීය.
නිලධාරීන්ගේ කාර්යාල වායු සමීකරණය කර ගනිමින් මෙහි සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිසට පහසුකම් ඇති නොකිරීම නොවිය යුත්තක් බව පැවසූ අමාත්‍යවරයා ජනතාව වෙනුවෙන් නිසියාකාරයෙන් කටයුතු කිරීමට නොහැකි නිලධාරීන් තමන්ට අවශ්‍ය නොවන බවද පැවසීය.
දින තුනක් තුළ සේවය ලබා ගැනීමට පැමිණෙන අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අර්ජුන රණතුංග මහතා බලධාරීන්ට දැනුම් දුන් අතර නිලධාරීන් නිසියාකාරයෙන් කටයුතු නොකිරීමෙන් ජනතාව රජයට දොස් පවරන බවද කීය.
නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙහි නව සභාපති ප්‍රේමසිරි විතාන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ නිලධාරීන්ට ප්‍රවාහන ඇමැතිගෙන් දොස්