තම ස්වාමිදුවගේ මෝටර් රථය ගිනි තැබීයැයි චෝදනා ලද ඩුබායි හි සේවය කල ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට එරට අධිකරණයක් මඟින් මාස 06ක සිරදඬුවමක් හා ඩිරාම් 5000 ක දඩමුදලක් නියම කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් මෝටර් රථය ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරදකරු නොවන බව ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ.
මෝටර් රථයෙන් දුමක් පිටවනු තමන් දුටු බවත් එය නිවා දැමීමට උත්සාහ කළ ද උත්සාහය අසාර්ථක වූ බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇත.
අදාළ සිරදඞුවම අවසන් වීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාන්තාව ඇත්තටම තරහට ගිනි තියන්න ඇති