(දිනේෂ් උපේන්ද්‍ර)
ඉකුත් 12 වැනිදා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන්ට අදාළ පැමිණිළි හතරක් වෙනුවෙන් කැඳවා තිබූ හඳුනාගැනීමේ පෙරට්ටු හතරකින් එකක් අද (27) කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පැමිණිලිකරුවන් විසින් සැකකරුවන් වෙන්කර හඳුනාගෙන නොතිබිණ.
එහිදී විභාගයට නොගත් සෙසු පැමිණිළි 3 ක් වෙනුවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටු මේ මස 30, 31 හා ජූනි මස 03 වැනිදා නැවත කැඳවන ලෙසත් සැකකරුවන් එම දිනයන්හිදීද ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත‍්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය වැඩිදුරටත් නියම කළාය.
සැකකරුවන්ට එරෙහිව ගොණුකර තිබූ සියලුම නඩු 13 කින් හතරකට එසේ හඳුනාගැනීමේ පෙරෙට්ටු කැඳවා තිබූ අතර සෙසු නඩු නවයක් සඳහා සැකකරුවන් ජූනි මස 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කර තිබිණ.
එසේ රක්‍ෂිත බන්ධනාගාර ගතව තිබුණේ ඉකුත් 12 වනදින මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට අලාභහානි සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 11 දෙනෙකි.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී සමන් සිගේරා, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා යන මහත්වරු ඇතුලූ පිරිසක්ද, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අනුරසිරි දිසානායක, චන්දන යාපා, ශ්‍යාමලී ස්වර්ණමාලි යන මහත්ම මහත්මීහු පෙනීසිටියහ.
එමෙන්ම අධිකරණ භූමිය අවට මාර්ග බාධක යොදා දැඩි පොලිස් ආරක්‍ෂාවක්ද සළසා තිබිණ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මුස්ලිම් කඩවලට පහරදුන්නැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක