(බිමල් ශ්‍යමන් ජයසිංහ)
වැල්ලවාය කුඩා ඔය ප්‍රදේශයේ ගිනි අවි ගබඩාවකට දෙහිවල සිට ගිනි අවි,වායු රයිෆල් , ජීව උණ්ඩ, බෝම්බ සහ කඩු තොග වශයෙන් ප්‍රවාහනය කළ ඩබල් කැබ් රථයක් දෙහිවල සරණංකර පාරේ දෙමහල් නිවසක ගරාජයේ තිබී අත් අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
ඌව කුඩා ඔය පොලිසිය මගින් ඉකුත් 12 වැනිදා ජංගලිවත්තේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම ගිනි අවි ,වායු රයිෆල්,ජීව උණ්ඩ,කිනිසි,දැලි පිහි,දුම් බෝම්බ,කෙටෙරි සොයා ගනු ලැබූණේ දරුවන් දෙදෙනෙකු වෙසක් කූඩු සෑදීමට එම වත්තට අතුළු වූ අවස්ථාවේ සැකකටයුතු පාර්සල් කිහිපයක් දැක ඒ බව දෙමාපියන්ට දැන්වීමේ පසු ඔවුන් ඒ බව පොලිසිය දැනුම් දීමෙන් බව පොලිසියි කීය.
ඒ අනුව ඌව කුඩා ඔය පොලිසිය නිල සුනඛයන්ගේ සහය ලබා ගනිමින් එම වත්තේ ස්ථාන කිහිපයක වල දමා තිබූ අවි ආයුධ තොගය සොයා ගත් බව පොලිසිය කියයි.
එම අවස්ථාවේ එම වත්තේ මුරකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ප්‍රකාශ මත එම වත්තේ හිමිකරු දෙහිවල සරණංකර මාවතේ නිවසේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබූ බව පොලිසිය කියයි.
ඉකුත් 13 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් දෙහිවල සරණංකර මාවතේ නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී තවත් වායු රයිෆල්,පතුරොම්,ජීව උණ්ඩ, ගිනි අවි අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.
අවි ගබඩාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මාස තුනක රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන එම වත්තේ හිමිකරු වන මොහොමඩ් පේසල් අබ්දුල් නැමැත්තාගෙන් හෙළි වූ තොරතුරු අනුව මෙම ඩබල් කැබ් රථය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැල්ලවායේ අවි ගබඩාවකට දෙහිවල සිට අවි රැගෙන ගිය කැබ් රථය සොයාගනී