( ඔගස්ටින් ප්‍රනාන්දු)
සැමියාගේ පිහි පහරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි..
මිය ගිය කාන්තාව දෙදරු මවක වන අතර පවුල් ආරවුලක් සම්බන්ධයෙන් අද ( 26) පස්වරු 6.15ට පමණ මාදම්පේ ගල්මුරුව තිඹිරිගස්වෙල පාසල අසලදී සැකකාර ස්වාමි පුරුෂයා තම බිරියට උල් පිහියකින් ඇන පලා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
පිහි පහර කා බිම වැටි සිටි ඇය සුව සේවා ගිලන් රථයකින් රෝහලට ඇතුළත් කිරීමට ගෙන යන අතර මිය ගොස් ඇති බවත් කියයි.
මියගොස් ඇත්තේ ගල්මුරුව තිඹිරිගස්වෙල විසු ලිලා සමන්ති (42) නමැති දෙදරු මවකි.
සැකකරු කලක් යුද හමුදා සේවයෙහි නිරතව සිට ඉන් ඉවත්ව මේ වනවිට හලාවත නගරයේ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකුව සේවය කරන බවත් කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සැමියාගේ පිහි පහරින් බිරිඳ මරුට