(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර කිරීම සඳහා මෙතෙක් වෛද්‍යවරයෙකු පත්කර නොමැති බව ජනතාව මැසිවිලි නගති.
මෙම ග්‍රාමීය රෝහල විවෘත කර දැනට වසර දෙකක් පමණ ගත වී ඇතැයි වලේබොඩ ප්‍රදේශයේ ජනතාව කියති. රුපියල් මිලියන දහයක් වැයකර ඉදිකර ඇති මනතුංකන්ද ග්‍රාමීය රෝහලෙන් තමන්ට කිසිම ප්‍රයෝජනක් නොමැති බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහා තමන්ට කිලෝමීටර් විසි පහක් පමණ දුරින් ඇති බලන්ගොඩ මූලික රෝහල වෙත යෑමට සිදුව ඇති බව ජනතාව පෙන්වා දෙති.
මේ සම්බන්දයෙන් සබරගමු පළාත් ප්‍රදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ අවදානය යොමු කරන්නැයි ජනතාව ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරු කොයින්ද සිටින අයත් සිංදු කියකියා යන අතර චැට් වැඩසටහන් වලටත් යන්න එපායැ.