(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාධිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (26) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සහ 48 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයින් දෙදෙනෙකි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල රුපියල් 17,16,000 ක් වටිනා විදේශීය නිෂ්පාධිත දුම්වැටි 28,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 143 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
ඔවුන් අද ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 5127 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd