IMG-LOGO

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක්

(රෝහණ සමරවීර)

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලක්‍ෂමන් කිරිඇල්ලේ අමාත්‍යවරයා විසින් නැවැත පෞද්ගලීකරණය කිරීමේ උත්සහයක නිරතවෙමින් සිටින බවත් එම උත්සහය අත් හරින ලෙස රජයට බල කරමින් එහි සේවකයන් පිරිසක් අද (27) එම කම්හල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.

2011 වසරේ එවකට රජය විසින් ඌන උපයෝජිතා පනත යටතේ  රජයට පවරාගත් ආයතන එම පනත අහෝසි කර නැවැත එම ව්‍යාපාරිකයන්ට ලබා දීමේ අරමුණ ඇතිව පනතක් ගෙනවිත් එය සම්මත කර ගැනීමට රජය මේ වනවිට උත්සහයක නිරත වන බවට විරෝධතාකරුවෝ එහිදී රජයට  චෝදනා කර සිටියහ.

ලක්‍ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින්  ජුනි මස 4 වන දින පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත මෙම පනත හේතුවෙන් සෙවනගල සීනි ආයතනය නැවත දයා ගමගේට හිමි වීමේ අනතුරක් තිබෙන බවට ඔවුහු චෝදනා කර සිටියහ.

එම නිසා එය ඉවත්කර ගැනීමට කටයුතු නොකළහොත් සියළුම සේවකයන් වැඩ වර්ජනයකට සුදානම් බවත්  ප‍්‍රදේශයේ සියළු උක් ගොවින්ගේ අස්වැන්න සෙවනගල සීනි ආයතනයට ලබා නොදෙන බවට එම විරෝධතාකරුවෝ එහිදී බලධාරින්ට අනතුරු අඟවූහ.

විරෝධතාකරුවෝ පිරිසක් විවිධ සටන් පාඨ පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ අතර තවත් පිරිසක්  පිවිසුම් මාර්ගයට ටයර් දමා පුළුස්සමින් විරෝධතාවය පලකර සිටියහ.

පැය දෙකක පමණ මෙලෙස විරෝධතාවයේ යෙදුනු පිරිස විසිර ගිය අතර තවත් පිරිසක් ඒ අසළ ඉදිකර තිබුණු අට්ටාලයක් මතට නැග  සත්‍රයක්ග්‍රහයක නිරත වෙති.

ශ‍්‍රි ලංකා සේවක සංගමය , ජාතික සේවක සංගමය, ප‍්‍රගතශීලි සේවක සංගමය හා අන්තර් සමාගම් සේවක සංගමය යන වෘත්තීය සංගම් මෙම විරෝධතාවයට එක් වී සිටි අතර එම අවස්ථාවේ එම කම්හලේ සියළු කටයුතු ඇන හිට තිබූ බව එම සංගම් ප‍්‍රකාශකයෝ පැවැසූහ.



අදහස් (1)

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක්

ravi Monday, 27 May 2019 09:27 AM

පරිසර ඇමතිතුමාට තාම ටයර් පිළිස්සීම නතර කරගැනීමට අපහසු වෙලා තියනවා ... මේ ක්‍රියාව ඉතාමත් දරුණු " පරිසර දුෂණයක් " ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1264 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 583 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site