(අශෝක තිලකරත්න)
අම්බලන්තොට තවාලුවිලදී අද (27) දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුරේදී එල්ල වූ කඩු ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ අම්බලන්තොට තවාලුවිල බෙලිගාල්ගොඩ පදිංචි කපිල විජේදීර නැමැති 44 හැවිරිදි පුද්ගලයෙකු සහ ජේ.කේ.ජයනන්ද නැමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.
තවාලුවිල වෙල්යායේ දී අද (27) උදෑසන ලබාදීමට නියමිතව තිබූ දානයක් සූදානම් කරන ස්ථානයකට පැමිණි පුද්ගලයින් කීහිපදෙනෙකු විසින් ඇතිකළ ආරවුලක් අතරතුරේ දී මෙම කඩු ප්‍රහාරය සිදු කර ඇතැයි මේ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd