(රංජිත් රාජපක්ෂ)
තේ ගස් ගලවා විශාල වලවල් හාරා අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසීය.
බගවන්තලාව බ්‍රිඩ්වෙල් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩ ගන්නා බවට ලද තොරතුරක් මත අද අලුයම බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවෙකු පලා ගිය බවත් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලිසිය පැවසීය.
මෙම වැටලීමේදී ජාවාරම්කරුවන් විසින් ගොඩගෙන තිබූ පස් සහිත මැණික් ඉල්ලම් තොගයක් සහ මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව බගවන්තලාව පොලිසිය පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd