(රංජිත් රාජපක්ෂ)
තේ ගස් ගලවා විශාල වලවල් හාරා අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසීය.
බගවන්තලාව බ්‍රිඩ්වෙල් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩ ගන්නා බවට ලද තොරතුරක් මත අද අලුයම බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවෙකු පලා ගිය බවත් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලිසිය පැවසීය.
මෙම වැටලීමේදී ජාවාරම්කරුවන් විසින් ගොඩගෙන තිබූ පස් සහිත මැණික් ඉල්ලම් තොගයක් සහ මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව බගවන්තලාව පොලිසිය පැවසීය.



2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනවසරෙන් මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට