(දයාරත්න ඇඹෝගම)
තියුණු ආයුධ වලින් පහරදි 44 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළේ යැයි කියන පෙදරේරුවන් සිව් දෙනෙකු තරියන්කුලමේදී අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තරියන්කුලම,කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි කිරිබණ්ඩාගේ සුනිල් නැමැති 44 හැවිරිදි අයෙකි.
පසුගිය 25 වන දින පස්වරුවේදී තරියන්කුලමදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග ගොස් තියුණු ආයුධ වලින් කපා කොටා ගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් පුද්ගලයන් අට දෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණි.
තුවාල ලැබූවන් එම ප්‍රදේශයම පදිංචි පුද්ගලයන් බවත් ඔවුන් ගෙන් හත් දෙනෙකු පෙදරේරුවන් වන බවත් එක් අයෙකු කම්කරුවෙකු බවත් පොලිසිය කියයි.
තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ මෙම 44 හැවිරිදි පුද්ගලයා මිය ගිය අතර එම සිද්ධියට රෝහල් ගතව සිටි පෙදරේරුවන් සිව් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස හත්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි