(වසන්ත චන්ද්‍රපාල)
දීඝවාපි ගම්මානයේ පිහිටා තිබෙන ග්‍රාමීය රෝහලේ සේවාවන් පුළුල් කරදෙන ලෙස ඉල්ලා එම ගම්මානයේ ජනතාව දීඝවාපි රෝහල ඉදිරිපිටදී අද (27) විරෝධතාවයක නිරත වූහ.
මෙම රෝහල ප්‍රාදේශීය රෝහලක් වන අතර ප්‍රාදේශිය රෝහලකට ඇති පහසුකම් තමන්ට නැති බව විරෝධතාකරුවෝ පැවසූහ. දැනට දෛනිකව බාහිර රෝගි අංශයෙන් ප්‍රථිකාර ලබාදෙන අතර වාට්ටුවක් ඇතත් නේවාසිකව රෝගින්ට ප්‍රතිකාර නොකරන බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.
දැනට මාස කිහිපයකය පෙර ගැබිනි මාතාවන් සඳහා වාට්ටුවක් විවෘත කර ඇති අතර එය විවෘත කළ දිනයේ සිට වසා දමා තිබෙන බව ගම්වැසියෝ පැවසූහ.දැනට සිටින කාර්ය මණ්ඩලය නිසි වේලාවට සේවයට වාර්තා නොකිරීම නිසා බෙහෙත් ගැනීමට පැමිණෙන රෝගින් අපහසුතාවයට පත්වෙන බවද ඔවුහු කියති.
මෙම විරෝධතාවය සමඟ මෙම ස්ථානයට කල්මුණේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් පැමිණ ගම්වැසියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
එහිදී කඩිනමින් පැය 24 තුළම සේවාව අද දින (27) සිටම ලබාදීමට පියවර ගන්නා බව එම නිලධාරීහු ගම්වැසියන්ට පොරොන්දු වූහ. මෙම ස්ථානයේ ඇති අඩුපාඩු ඉදිරි දින කිහිපය තුළදී ඉටු කරදීමට ගැම්වැසියන්ට පොරොන්දු වී තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරීන් දුන් පොරොන්දු කෙරෙහි විශ්වාශ්‍ය තැබූ ගම්වැසියෝ විරෝධතාවය අවසන් කරනු ලැබූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දීඝවාපිය ග්‍රාමීය රෝහල පුළුල් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්