(අමදෝරු අමරජීව)
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ පරණ යකඩ තොගයක සඟවා යකඩ විකුණූ ගබඩා භාරකරුවෙකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය පවසයි.
මෙම යකඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයක් බව පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය, තිරුඥාන සම්බන්දර් වීදියේ පරණ යකඩ බඩු වෙළඳසැලකට මෙම හොර යකඩ තොගය විකුණන අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මිල ගණන් කැඳවා නියමිත ක්‍රමවේදයක් තුළ යකඩ තොග ඉවත්කරද්දී සැක නොසිතන ලෙසින් ඒවා ලොරියකින් පිටතට ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂයක පරණ යකඩ හොරෙන් විකිණූ ගබඩා භාරකරුවෙක් අත්අඩංගුවට