(අනීෂා මානගේ)
බත් පාර්සලයක සෝයා ව්‍යාංජනයක කැබැලි අතර සඟවා හෙරොයින් මත්කුඩු අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කළ තරුණයකු සහ බත් පාර්සලයක දවටනයෙහි තවරා කුඩු කරන ලද ගංජා රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීහු අද (21) සමත් වූහ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි දහහත් හැවිරිදි තරුණයෙකු සහ කතරගම ප්‍රදේශයේ පදිංචි පනස් දෙහැවිරිදි කාන්තාවකි.
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හමුවීමට පැමිණි මෙම තරුණයා සහ කාන්තාව රැගෙන පැමිණි ආහාර පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු සහ කුඩුකරන ලද ගංජා සොයාගැනීමට නිලධාරීහු සමත්වූහ.පිසින ලද සෝයා ව්‍යාංජනයක සෝයා කැබැලි දෙකට කපා පොලිතින් දවටනවල ඔතන ලද හෙරොයින් මත්කුඩු පැකට් හයක් ඒ තුළ සඟවා තිබී ඇත. හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් පන්සිය හැත්තෑවක් මෙලෙස බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කර තිබිණි.
වියළි ගංජා කුඩු කර පල්පයක් ලෙස සකස්කර බත් පාර්සලයක දවටනයෙහි තවරා බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කර ඇති අතර ගංජා මිලිග්‍රෑම් පන්දහස් හයසිය හැත්තෑවක් මෙලෙස තිබී සොයාගත්හ.
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීහු සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් අතර අඟුණකොළපෑලැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බන්ධනාගාරයට හෙරොයින් ගෙන යන්න හැදූ දෙදනකු අත්අඩංගුවට