IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උඩරට දුම්රිය මාර්ගයේ තරුණයෙකුගේ මළසිරුරක්

(හැටන් රංජිත් රාජපක්ෂ)                      
 

උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළසිරුරක් අද (25) උදෑසන සොයාගත් බව තලවකැලේ පොලීසිය පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර ඉහළ කොත්මලේ ජලාශ වේල්ල නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් දුම්රිය මාර්ගයේ තිබූ මෙම මළසිරුර සම්බන්ධයෙන් දුම්රිය මාර්ග පරීක්ෂා කරන මුරකරුවෙකු විසින් දැක ඒ බව තලවකැලේ පොලීසිය වෙත දන්වා ඇත.

එම මළසිරුර තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේ පදංචි රොෂාන් (30) නැමති අවිවාහක  තරුණයෙකුගේ බව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

නිවසට යාම සඳහා මෙහු නිතර දුම්රිය මාර්ගය භාවිතා කරන බවත්, උඩරට දුම්රිය මාර්ගයේ ඊයේ (24) රාත්‍රී ධාවනය වූ දුම්රියක මෙම තරුණයා ගැටී ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත්වරයාගේ පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑලිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව තලවකැලේ පොලිසිය සඳහන් කරයි.
 



අදහස් (0)

උඩරට දුම්රිය මාර්ගයේ තරුණයෙකුගේ මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site