(දිනේෂ් උපේන්ද්‍ර)
පන්නල බම්මන්න ප‍්‍රදේශයේ දී යුද හමුදාව හා පොලිසිය විසින් සොයා ගත් ඇමෝනියා තොගයේ හිමිකරු බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද (24) නියම කළාය.
එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ පන්නල යක්විල ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජුනයින් මොහොමඩ් රිස්වි නැමැත්තෙකි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු කියමින් පෙන්වා දුන්නේ සැකකරු මීට මාස කිහිපයකට ඉහත දී අදාළ සැක සහිත මලු තොගය තිබූ ඉඩම විකුණා ඇති බවත් එම ඉඩමේ නව ගැණුම්කරු සිටියදී මුල් හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබීම අසාධාරණ බවත් ය.
පොලිසිය අදාළ කරුණු බැහැර කරමින් කියාසිටියේ සැකකරු සම්බන්ධව මේ වනවිටත් විමර්ශනය සිදුකරමින් පවතිනබවත් එවන් දේපල ගනුදෙනුවක් සම්බන්ධව පොලිසියේ දැනුවත් භාවයක් නොමැති බවත්ය. මෙන්ම යුද හමුදාව හා පොලිසිය එක්ව කළ මෙම වැටලීමේදී අදාළ ඇමෝනියා තොගය සොයා ගෙන තිබූ බවද පොලිසිය කරුණු ඉදිරිපත් කළේය.
ඊට පිළිතුරු දුන් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් නැවත පෙන්වා දුන්නේ පොලිසිය රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම හා කිසිසේත් සම්බන්ධයක් නොමැති සැකකරුවෙක් බවත් අදාළ ගබඩාව හිමි ඉඩමේ නියම සැකකරු ද අධිකරණයේ ද පෙනී සිටින බවත් ය.
කරුණු පිළිබඳ අවධානය යොමු කළ මහේස්ත‍්‍රාත්වරිය එළැඹෙන නඩු වාරයේදී සැකකරු පිළිබඳ හා ඉදිරිපත්වූ කරුණු පිළිබඳ සොයා බලා සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කරමින් සැකකරු වෙනුවෙන් කළ ඇප අයැදුම ඉවත දමා මේ මස 30 දක්වා රක්‍ෂිත බන්ධානාගාරගත කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පන්නලින් ඇමෝනියා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්