IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නිධන් හාරන්න ගිය 7 ක් අත්අඩංගුවට

(ඩී.කේ.රත්න)

හල්දුම්මුල්ල ගිනිගත්ගල ප‍්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබු උපකරණ සමඟ අද (26) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි.

හල්දුම්මුල්ල ගිනිගත්ගල සහ වටගමුව ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයින් හත්දෙනෙකු මෙසේ හල්දුම්මුල්ල පොලීසිය විසින් නිදන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

කිසියම් පිරිසක් විසින් ගිනිගත්ගල ප‍්‍රදේශයේ නිදන් හාරන බවට පොලීසිය ලද තොරතුරක් අනුව හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ගිනිගත්ගල ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නිධන් හාරන්න ගිය 7 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site