(ඩී.කේ.රත්න)
හල්දුම්මුල්ල ගිනිගත්ගල ප‍්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබු උපකරණ සමඟ අද (26) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
හල්දුම්මුල්ල ගිනිගත්ගල සහ වටගමුව ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයින් හත්දෙනෙකු මෙසේ හල්දුම්මුල්ල පොලීසිය විසින් නිදන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
කිසියම් පිරිසක් විසින් ගිනිගත්ගල ප‍්‍රදේශයේ නිදන් හාරන බවට පොලීසිය ලද තොරතුරක් අනුව හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ගිනිගත්ගල ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd