(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නගරය තුළ යුද හමුදාව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී හමුදා නිල ඇඳුම් වලට සමාන කැමා ඇඳුම් තොගයක් හා අරාබි භාෂාව සහිත සැකකටයුතු සංයුක්ත තැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙස අත්අඩංගුවට ගත් මාතර නගරයේ ව්‍යාපාරිකයින් සිව්දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර මූලස්ථාන පොලීසිය වෙත බාර දී තිබේ.
මාතර කාලිදාස පාරේ දී ඇගලුම් කම්හලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයා සන්තකයේ තිබී කැමා ටී ෂර්ට් 30ක් ද බතූතා පාරේ දී අත්අඩංගුවට ගත් පරණ යකඩ බඩු වෙළදාම් කරන ව්‍යාපාරිකයා ළඟ තිබී සැක කටයුතු සංයුක්ත තැටි 77ක් ද වෙළඳසැල් හිමියකු ළඟ තිබී කැමා කලිසම් 123 ක් ද හුණුකොටුව හංදියේ ව්‍යාපාරිකයකු ළඟ තිබී කැමා දිග කලිසම් පහක් කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ද යුද හමුදාව විසින් සොයා ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින් සිව් දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතර සෝදිසියකින් ව්‍යාපාරිකයෝ 4 ක් අත්අඩංගුවට